spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවසන් මහා තරගයේ වීරයාගෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයින්ට තෑග්‍ගක්

2023 ආසියනු කුසලාන අවසන් මහා තරගය අද (17) අවසන් වුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත ජයක් ගෙන එමින්.

මෙම අවසන් මහා තරගයේ වීරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ට හැකියාව ලැබුණා.

එහිදී සිරාජ්ට ත්‍යාග මුදල ලෙස ඇමරිකානු ඩොලර් 5000ක ත්‍යාග මුදලක් හිමි වූ අතර, එලෙස හිමි වූ එම මුදල ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලය වෙනුවෙන් ත්‍යාගයක් ලෙස පිරිනමන බව ඔහු කියා සිටියා.

මේ අතර මෙවර තරගාවලිය සාර්ථක කරගැනීමට විශාල කැප කිරීමක් කළ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින්ට ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ත්‍යාගයක් ලෙස පිරිනමන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
36
+1
5
+1
9
+1
8
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?