spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවලෝකිතේෂ්වර බෝධිසත්ව යළි රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර බෝධිසත්ව ලෙස පෙනී සිටි පුද්ගලයා ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී යි මෙම නියෝගය ලබාදුන්නේ.

එහිදී මෙම සැකකරුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබුණා.

ඒ අනුව සැකකරු තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?