spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවමානයෙන් ගැලවීමේ අවසන් අවස්ථාව අද ශ්‍රී ලංකා කණ්ඩායමට

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (11) රාත්‍රියේ පැවැත්වෙනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දියි.

දෙරට අතර පැවති පළමු තරග දෙකම ජයගෙන ඇති ඕස්ට්‍රේලියාව මේ වන විටත් විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය හිමිකර ගෙන ඇති අතර තරගාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකාව අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය පරාජයන්ට ප්‍රධාන හේතුවක් වූ අතර එසේ තිබියදීත් අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් නොකරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් ඊයේ සඳහන් කළේ.

මේ අතර විස්සයි විස්ස සංචිතයට එක්ව සිටින නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වන්නට ඊයේ සිදුවුණා.

පුහුණුවීම් අතර තුර ඔහු වැලමිටේ ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔහුට සති 04ත් 06ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.

මේ අතර අද තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මේ දක්වා විස්සයි විස්ස තරග 22ක් පවත්වා ඇති අතර පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම එම තරග 22න් 12ක්ම ජයගෙන තිබෙනවා.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?