අවමානයෙන් ගැලවීමේ අවසන් අවස්ථාව අද ශ්‍රී ලංකා කණ්ඩායමට

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (11) රාත්‍රියේ පැවැත්වෙනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දියි.

දෙරට අතර පැවති පළමු තරග දෙකම ජයගෙන ඇති ඕස්ට්‍රේලියාව මේ වන විටත් විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය හිමිකර ගෙන ඇති අතර තරගාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකාව අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය පරාජයන්ට ප්‍රධාන හේතුවක් වූ අතර එසේ තිබියදීත් අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් නොකරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් ඊයේ සඳහන් කළේ.

මේ අතර විස්සයි විස්ස සංචිතයට එක්ව සිටින නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වන්නට ඊයේ සිදුවුණා.

පුහුණුවීම් අතර තුර ඔහු වැලමිටේ ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔහුට සති 04ත් 06ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.

මේ අතර අද තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මේ දක්වා විස්සයි විස්ස තරග 22ක් පවත්වා ඇති අතර පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම එම තරග 22න් 12ක්ම ජයගෙන තිබෙනවා.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14