අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න.

විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දෙයි.

කොරෝනා මර්දන එන්නතක් ලැබෙනවානම් එය ලැබෙන මුල් අවස්ථාවේදීම ලබා ගැනීම,මුව ආවරණ නිවැරදිව පැළඳීම ,පුද්ගලයන් අතර අඩි හයක පරතරයක් තබා ගැනීම, අත් නිවැරදිව සබන් යොදා සේදීම සහ දැන් විසබීජ නාශක දියර වලින් සේදීම,සෙනග විශාල වශයෙන් රැස්වන ස්ථානවලට නොයෑම සහ අත්‍යාවශ්‍යම කාරණයකට එසේ යෑමට සිදු වුවහොත් මිනිත්තු 15 කට පෙර එම ස්ථානවලින් පිටවීමට වග බලා ගැනීම ,තමන්ට යම් කිසි සැක සහිත රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් ම පී .සී.ආර් පරීක්ෂණයකට යොමුවීම හා පවුලේ සාමාජිකයන් ගෙන් සාමාජිකයන් ගෙන් ඈත්ව කටයුතු කිරීම එම ක්‍රම හය බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .

දැනට මෙරට තිබෙන සියලුම එන්නත් ඉතාම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත බවත් ඔහු ප්‍රකාශ කළේය.

එන්නත් සම්බන්ධයෙන් විවිධ කරුණු විමසා ජනතාවගෙන් තම අධ්‍යයන අංශයට දුරකථන ඇමතුම් හාරසියයක් පමණ දිනකට ලැබෙන බව කී ජීවන්දර මහතා ලැබෙන කුමන හෝ එන්නතක් වුව හැකි ඉක්මනින්ම ලබා ගැනීම ඉතා සුදුසුම ක්‍රියාමාර්ගය බව ඒ හැම කෙනෙකුටම ලබාදෙන උපදෙස යයි පැවසුවේය.

ඉදිරි මාසය ඉතාම තීරණාත්මක බවටත් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතු බවටත් ඔහු ජනතාව දැනුම් දෙයි.

“එක එක එන්නත් ගැන විමසමින් ඒවා එනකම් ඉන්න එපා.ලැබිලා තියෙන එන්නත ඉක්මනට ගහගන්න.එහෙම නොකළ හොත් ඔබගේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන්” ජීවන්දර මහතා අවධාරණය කළේය.

උණ,කැස්ස ,උගුරේ වේදනාව ,ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් මෙවැනි සැකසහිත ලක්ෂණ තිබේ නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවත් ආචාර්යවරයා ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17