spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් ලබාගත් රාජ්‍ය නිලධාරියෙකුට වසර 20ක සිර දඬුවම්

රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු හිටපු තාක්ෂණික නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

එහෙත් එම සිර දඬුවම වසර 5 කින් ගෙවී යා යුතු බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේ.

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 5000 බැගින් දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 25,000ක මුදල දඩයක් වශයෙන් අය කර ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

පාරිසරික වාර්තාවක් ලබා දීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල කාර්යාලයේ සේවය කළ හිටපු තාක්ෂණ නිලධාරියෙකු වූ මහේෂ් සන්දනායක නමැත්තාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?