අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

ත්‍රීරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් පන්දහසක අල්ලස් මුදලක් ලබාගත් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙක්.

සැකකාර කොස්තාපල්වරයා ඊයේ (27) රාත්‍රියේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථයක් පැද වූ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ඉල්ලා එම අවස්ථාවේදී එම පුද්ගලයා සතුව තිබූ රුපියල් රුපියල් 3000ක මුදලක් ලබාගෙන තිබුණා.

ඉතිරි මුදල් අද (28) ලබා දෙන ලෙස දන්වා ඔහුගේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය සැකකාර කොස්තාපල්වරයා ඇපයට තබා ගෙන ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ත්‍රීරෝද රථ රියදුරා අද පෙරවරුවේ වාද්දුව පොලිසියට ගොස් සැකකාර කොස්තාපල්වරයා හමුවී ලබාදීමට නියමිත රුපියල් 7000ක මුදලින් 2000ක් අඩුකරගෙන ඉතිරි මුදල වන රුපියල් 5000 පසුව ලබා දෙන බවට පොරොන්දු වී පැමිණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා එම මුදල ත්‍රීරෝද රථ රියදුරු ගෙන් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37