spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අල්ලන්න කලින් ගුරුවරිය ඇප ඉල්ලයි

වයස අවුරුදු දහසයක පාසල් සිසුවෙකු වසර 4ක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගත හොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පරිගණක ගුරුවරියක් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ ඊයේ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට වයස 20 පමණ වන මෙම තරුණයා තමාට විවාහ යෝජනා කරන බවත් තමන් එයට අකමැති වීම හේතුවෙන් ඔහුත් තමා එකට සිට ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පට තම නිවසට ලැබීමට සලස්වා ඇති බවත් පැමිණිලිකාරිය සිය අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර හිබේ.

ඒ අනුව තමා වින්දිතයෙක් වී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධියේ පළමු පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බවද එම අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු සඳහන් කර ඇත.

මේ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට ලද තොරතුරු මත එසේ වුවහොත් තමන්ට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට මෙම අයදුම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?