අල්ලන්න කලින් ගුරුවරිය ඇප ඉල්ලයි

වයස අවුරුදු දහසයක පාසල් සිසුවෙකු වසර 4ක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගත හොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පරිගණක ගුරුවරියක් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ ඊයේ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට වයස 20 පමණ වන මෙම තරුණයා තමාට විවාහ යෝජනා කරන බවත් තමන් එයට අකමැති වීම හේතුවෙන් ඔහුත් තමා එකට සිට ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පට තම නිවසට ලැබීමට සලස්වා ඇති බවත් පැමිණිලිකාරිය සිය අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර හිබේ.

ඒ අනුව තමා වින්දිතයෙක් වී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධියේ පළමු පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බවද එම අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු සඳහන් කර ඇත.

මේ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට ලද තොරතුරු මත එසේ වුවහොත් තමන්ට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට මෙම අයදුම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03