අර්ධ සුඛෝපභෝගී බස් බලපත්‍ර අහෝසියට එරෙහිව අධිකරණ නියෝගයක්

අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430ක් අහෝසි කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය සහ එහි සාමාජිකයින් 28 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක අතුරු නියෝගයක් නිකුත් කරමිනුයි අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ.

ඒ අනුව අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 28 වන දා පවත්වන බවත් අධිකරණය දැනුම් දී තිබෙනවා.

එදින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් 33 දෙනෙකු වෙත අධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබුවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේ මෙම ගැටළුව අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විසඳුමක් සෙවීමට උත්සාහ කරන ලෙසයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අද දින සිට අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවිමට ජාතික ප්‍රවාහන කොමිසම තීරණය කර ඇති බවයි.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එය ක්‍රියාත්මක වන බවත් පෙත්සමේ සඳහන්.

බස් හිමියන්ගේ අදහස් විමසීමකින් තොරව මේ ආකාරයෙන් සිය බස් සේවාව අහෝසි කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා වෙසක් කරුවන් විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48