spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරගල ක්‍රියාකාරිකයාට සහ කඩුවෙල නියෝජ්‍ය නගරාධිපතිට ඇප

පොලිස් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී පියත් නිකේෂල සහ ඔහුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කඩුවෙල නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමති පුද්ගලයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (10) සවස කොස්වත්ත ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියට අදාළව කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයා කළ පැමිණිල්ලකට අනුව අරගලයේ ක්‍රියාකාරිකයා ද පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

කඩුවෙල නියෝජ්‍ය නගරාධිපතිවරයා ද ඊයේ මුල්ලේරියාව රෝහලට ඇතුලත් වී තිබුණේ ඔහුට ද පහරදීමක් සිදු වූ බවට පවසමින්.

පසුගිය වසරේ මැයි 9 වනදා කඩුවෙල උප නගරාධිපතිවරයා බේරේ වැවට ඇද දැමීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට පළි ගැනීමක් ලෙස පහරදීම සිදුවී ඇති බවට ඔහු චෝදනා කරනවා.

කඩුවෙල උප නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදීමට පැමිණි බවට ද මෙම ක්‍රියාකාරිකයා ප්‍රකාශකර තිබුණා.

පහරදීමෙන් අරගල ක්‍රියාකාරිකයාගේ මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුවී තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
7
+1
1
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?