අරගල ක්‍රියාකාරිකයාට සහ කඩුවෙල නියෝජ්‍ය නගරාධිපතිට ඇප

පොලිස් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී පියත් නිකේෂල සහ ඔහුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කඩුවෙල නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමති පුද්ගලයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (10) සවස කොස්වත්ත ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියට අදාළව කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයා කළ පැමිණිල්ලකට අනුව අරගලයේ ක්‍රියාකාරිකයා ද පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

කඩුවෙල නියෝජ්‍ය නගරාධිපතිවරයා ද ඊයේ මුල්ලේරියාව රෝහලට ඇතුලත් වී තිබුණේ ඔහුට ද පහරදීමක් සිදු වූ බවට පවසමින්.

පසුගිය වසරේ මැයි 9 වනදා කඩුවෙල උප නගරාධිපතිවරයා බේරේ වැවට ඇද දැමීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට පළි ගැනීමක් ලෙස පහරදීම සිදුවී ඇති බවට ඔහු චෝදනා කරනවා.

කඩුවෙල උප නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදීමට පැමිණි බවට ද මෙම ක්‍රියාකාරිකයා ප්‍රකාශකර තිබුණා.

පහරදීමෙන් අරගල ක්‍රියාකාරිකයාගේ මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුවී තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
7
+1
1
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12