අයහපත් කාලගුණයෙන් 7000කට පීඩා

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින වැසි තත්ත්වය තව දුරටත් අපේක්ෂා කරන බවයි.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ග රිය ධාවනයේදී මීටර 50ක පරතරයක් පවත්වාගෙන රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන්.

බස්නාහිර,සබරගමුව, දකුණ, වයඹ ,නැගෙනහිර පළාත් සහ නුවරඑළිය පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිමී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ගතවූ පැය24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ හම්බන්තොට, මත්තල ප්‍රදේශයෙන්. එහි අගය සටහන් වූයේ මිලිමීටර් 126ක් ලෙසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයට වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින අතර යාපනය, මුලතිව් , වව්නියා ,ත්‍රිකුණාමලය ,සහ පුත්තලම දිස්ත්‍රික්කවලට තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අධික වර්ෂාවත් සමඟ දිවයිනේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. කලා වැවේ වාන් දොරටු තව දුරටත් අඩි15 බැගින් විවෘත කර ඇති අතර, ඉන් කලා ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්ත්පරයට ඝන අඩි දහතුන්දහසක්.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කර තිබෙනවා. දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග තත්පරයට ඝන අඩි 2000ක ජල ධාරිතාවක් දඹුලු ඔයට එක්වන බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ

අංගමුව ජලාශයේ වාන් දොරටු 2 ක්, කන්තලේ ජලාශයේ වාන් දොරටු 10විවෘත කර ඇති අතර ඉරණමඩු ජලාශයේ
වාන් දොරටු 08ක් තවමත් පවතින්නේ විවෘත තත්ත්වයේයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාවත් සමග සෝමාවතීය සුංගාවිල මාර්ගය දින ගණනාවක් තව දුරටත් ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ සැහැල්ලූ වාහන ධාවනය තාවකාලිකව නතර කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මල්වතු ඔය , නිල්වලා සහ ගිං ගංගා ද්‍රෝණි සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලාත්මකයි.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දුන්හිඳ, දියලුම, රාවණා, බඹරකන්ද දියඇලිවල ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් දිය ඇලි නැරඹීමට පැමිණෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි බදුල්ල
දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලා සිටින්නේ.

මේ අතර අධික ජලධාරිතාවය හේතුවෙන් රාවණා ඇල්ලේ දිය නෑම තාවකාලිකව තහනම් කර ඇති බව ඇල්ල පොලිසිය පවසනවා.

ආඩියාගල ඉහළගම මාර්ගයේ පූලියංකුලම ප්‍රදේශයේදී මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ලවුණා.

අධික වර්ෂාවත් සමග ඌව පරණගම වාසනාගම මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේරථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ , විදුලි රැහැන් පද්ධතියට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මේ වන විට එම ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි සැපයුම ඇනහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේවාලේගම නිවසක් අසලට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

මේ අතර වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී මීටර 50ක පරතරයක් තබාගෙන වාහන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 2271කට අයත් පුද්ගලයින් 7061දෙනෙක් පීඩාවට ලක්ව ඇති අතර පවුල් 212කට අයත් පුද්ගලයින් 700දෙනෙක් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බවයි ආපදා කළමනාකරන
මධ්‍යස්ථානය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31