අමානුෂික පහරදීම්වලින් දරුවන් හෙම්බත් කළ කන්‍යා සොහොයුරියට තවත් නඩුවක්

2024 වසරේ ඔක්තෝම්බර් මස නුවරඑළිය යහපත් හෙඩේරාගේ බාලිකා මහ විද්‍යාලයේ දරුවන් 13 දෙනෙකුට අමානුෂික ලෙස පහර දී දරුවන් දෙදෙනෙකු රෝහල්ගත වීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ නිලංකා ද සිල්වා කන්‍යා සොයුරිය -විදුහල්පතිනියගේ නඩුව අද (10) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය කැඳවූ අවස්ථාවේ දී පොලිස් රාජකාරියට බාධා කිරීම හා විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා නොදීම යන කරුණු මුල් කරගනිමින් තවත් නඩුවක් ගොනු කිරීමට නුවරඑළිය පොලිසිය කටයුතු කර තිබුණා.

ඒ දරුවන්ට පහර දීමේ සිදුවීම සම්බන්ධව සාක්ෂි සටහන් කර ගැනීමට පාසලට ගිය පොලිස් නිලධාරීන්ට බැණ වැදීමේ චෝදනාව සහ පොලිස් රාජකාරීවලට බාධා කිරීම යන චෝදනා මුල් කරගනිමින්.

අගතියට පත් දරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් දෙමාපියන්ගේ සහාය ඇතිව අධිකරණයට කරුණුු වාර්තා කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සජීව කෞසල්‍ය ඩයස් මහතා සහ පුණ්‍යමිණි බාලසූරිය යන මහත්වරුන්ගේ කරුණු දැක්වීමත් සමඟ ග්‍රාම නිලධාරී පදිංචි සහතික සමග රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ දැඩි ඇප කොන්දේසි මත විදුහල්පති කන්‍යා සොයුරිය නිදහස් කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මෙනෙවිය නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42