අම්බලන්ගොඩ – දෙල්දූවේ වෙඩි තැබීම ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක්

අම්බලන්ගොඩ – දෙල්දූව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (21) හෝටලයක් තුළ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

දකුණේ ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර කළක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථවේ අදාල පුද්ගලයින් සිව්දෙනා හෝටලයේ ඉහළ මාලයේ රැදී සිට ඇති බවයි කරුණු වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ කණ්ඩායමේ පුද්ගලයෙකු මීට මාස කිහිපයකට පෙර වෙඩි වැදී මියගිය කණ්ඩායමේ පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඊට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05