අභියාචනාධිකරණයේ නියෝග මත ඥාණසාර හිමි කොළඹ මහාධිකරණයෙන් ඇප මත මුදාහරී

ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි වසර 04ක සිර දඬුවමක් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නා.

සිරදඬුවම් නියමවීමෙන් පසුව ඥාණසාර හිමියන් විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළා.

එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෑතකදී ප්‍රතික්ෂේප කර තිබුණා.

එම මහාධිකරණ නියෝගයට අනුව ඥාණසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පසුගියදා නියෝග කළා.

ඊට අමතරව උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අභියාචනා අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් කොළඹ මහාධිකරණය වෙත නියෝග කර තිබුණා.

එම අභියාචනාධිකරණ නියෝගය පරිදි උන්වහන්සේ අද (22) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඇප මත මුදාහරිනු ලැබුවා.

2016 වසරේ කූරගල විහාරස්ථානය පිළිබඳව කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පළ කරන ලද අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා සිදු කළේ යැයි එල්ල කෙරුණු චෝදනා දෙකකට වරදකරු කෙරුණු ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් විකුත් මාර්තු මස 30 වනදා බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41