අපිරිසිදු තත්ත්වයෙන් ආපන ශාලා පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන්ට නීතිමය පියවර (ඡායාරූප)

හැටන් නගරයේ අපිරිසිදු ආකාරයෙන් ආපනශාලා, සිල්ලර සහ තොග වෙළඳසැල් පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන් රැසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

එළඹෙන දීපවාලි උත්සව සමයේ පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබාදීමේ අරමුණින් මෙම හදිසි පරික්ෂාව සිදු කර ඇත්තේ හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩී.වී.පී. බණ්ඩාර මහතාගේ උපදෙස් අනුවයි.

මෙම හදිසි පරික්ෂාවේදී ඇතැම් ආපනශාලා හිමියන් පිසූ ආහාර පිළියෙල කිරීමට උපයෝගී කර ගන්නා උපකරණ ඇතුළු භාජන නිසි ප්‍රමිතියෙන් යුතු නොවීම හේතුවෙන් ඒවා ඉවත් කිරිමටත්, පිසූ ආහාර සෞඛ්‍ය සම්පන්නව පිළියෙල නොකිරීමත් හේතුවෙන් එම ආපනශාලා හිමියන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමටයි හදිසි පරීක්ෂාවට එක් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ.

පරීක්ෂාවට ලක් කළ ඇතැම් තොග සහ සිල්ලර වෙළඳසැල්වල තිබූ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය රැසක් විනාශ කිරිමට සහ ඇතැම් ආපනශාලාවල පැවති අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14ක කාලයක් ලබා දී තිබෙනවා.

එම කාලය අතරතුර අඩුපාඩුකම් සපුරාගෙන යළි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණයට යොමු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආපනශාලා සහ වෙළඳසැල් හිමියන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

හැටන් නගරයේ පිහිටි මත්ස්‍ය වෙළඳසැලක අධි ශීතකරණයක් තුල පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ මසුන් තොගයක් සමග පරිභෝජනයට සුදුසු තත්ත්වයේ මසුන් තොගයක් ගබඩා කර තිබීම හේතුවෙන් එම මාළු තොගය අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් මුද්‍රා තැබීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම වැටලීමට මස්කෙළිය, බගවන්තලාව, අඹගමුව, කොත්මලේ, නව තිස්පනේ, ලිඳුල සහ කොටගල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30 දෙනෙකු පමණ සහභාගී වී සිටි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48