අපරාධකරුවකුට වසර 8,658ක සිර දඬුවමක්

තුර්කියේ ඉස්තානාබුල් අධිකරණයකින් අපරාධකරුවකුට වසර 8,658ක සිර දඬුවමක් නියම කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

අද්නාන් ඔක්තාර් නමැති 66 හැවිරිදි මේ පුද්ගලයා පූජකවරයකු ලෙස ඔහු විසින්ම හඳුන්වාගන්නා අතර, මැවුම්වාදය සහ ගතානුගතික වැදගත්කම් පිළිබඳ රූපවාහිනියේ දේශන පවත්වන්නකු ලෙස ප්‍රකටය.

අඩනිරුවත් කාන්තාවන් වටකරගෙන රූපවාහිනිය මගින් දේශන පවත්වනු ලබන බව කියන එම පුද්ගලයා ඉස්ලාම් විරෝධී අපරාධ රැසකට සම්බන්ධ බවට තහවුරු වී ඇතැයි ද වාර්තා වේ.

ලිංගික අතවර, අපයෝජන, හමුදා ඔත්තු බැලීම් සහ තවත් අපරාධ රැසකට ඔහු සම්බන්ධ බවත්, එම සියලු චෝදනා මත මේ දීර්ඝ සිර දඬුවම නියම කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54