අපරාධකරුවකුට වසර 8,658ක සිර දඬුවමක්

තුර්කියේ ඉස්තානාබුල් අධිකරණයකින් අපරාධකරුවකුට වසර 8,658ක සිර දඬුවමක් නියම කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

අද්නාන් ඔක්තාර් නමැති 66 හැවිරිදි මේ පුද්ගලයා පූජකවරයකු ලෙස ඔහු විසින්ම හඳුන්වාගන්නා අතර, මැවුම්වාදය සහ ගතානුගතික වැදගත්කම් පිළිබඳ රූපවාහිනියේ දේශන පවත්වන්නකු ලෙස ප්‍රකටය.

අඩනිරුවත් කාන්තාවන් වටකරගෙන රූපවාහිනිය මගින් දේශන පවත්වනු ලබන බව කියන එම පුද්ගලයා ඉස්ලාම් විරෝධී අපරාධ රැසකට සම්බන්ධ බවට තහවුරු වී ඇතැයි ද වාර්තා වේ.

ලිංගික අතවර, අපයෝජන, හමුදා ඔත්තු බැලීම් සහ තවත් අපරාධ රැසකට ඔහු සම්බන්ධ බවත්, එම සියලු චෝදනා මත මේ දීර්ඝ සිර දඬුවම නියම කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?