අනුර කුමාර ඇතුලු පිරිසට තවත් අධිකරණ නියෝගයක්

ජාතික ජනබලවේගය විසින් සංවිධාන කර ඇති උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය විසින් අධිකරණයෙන් තවත් නියෝගයක් ලබාගෙන තිබෙනවා.

අනුර කුමාර දිසානායක ඇතුළු 25 දෙනෙකුට අද (26) කොළඹ රෝහල් චතුරශ්‍රය ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමිනුයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ.

අද පෙරවරුවේ කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ද කොටුව පොලිසිය මගින් ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව මෙම විරෝධතාවට වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

මෙමගින් දැනුම් දී ඇත්තේ රෝහල් චතුරස්‍රයට හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධා වන පරිදි ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර, සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහා මාර්ගය පදික වේදිකා භාවිත කිරීමට නොහැකි වන ආකාරයෙන් අහුරමින් සිදු කරන උද්ඝොෂණය තහනම් බවයි.

උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග ඇහිරී රෝගීන්ට සහ ඒ අවට භාවිත කරන මහ ජනතාවට පීඩාවක් සිදුවිය හැකි බවට දක්වමින් මරදාන පොලිසිය මගින් මාළිගාකන්ද අධිකරණයෙන් කළ ඉල්ලීඹකට අනුවයි මෙම අධිකරණ ආඥාව නිකුත් කර ඇත්තේ.

උද්ඝෝෂකයින් පිරිසක් කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ කොටුව යන පොලිස් වසම්වල එක්රැස් වෙමින්, පාගමනින් විවිධ මාර්ගවලින් ගොස් ජනාධිපති ලේක්ම් කාර්යාලය සහ වෙනත් ගොඩනැගිලිවලට ඇතුළුවිමට සැලසුම් කර ඇතැයි ලැබුණු තොරතුරකට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව අද පෙරවරුවේ මෙම විරෝධතාවට නියෝගයක් නිකුත් කර තිබුණා.

අද පස්වරු 01 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළදී කොටුව පොලිස් වසමේ නම් කරන ලද මාර්ගවල අවහිරතාවයක් සහ ගමන් ගන්නා මහජනතාවට සහ රථවාහනවලට බාධා කිරීම් නොකරන ලෙසටත්, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින්නැයි ද මෙම අධිකරණ නියෝගයේ ඇතුළත් බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම පොදු හා පුද්ගලික දේපලවලට හානි නොකරන ලෙසටත්, මහජනයා ප්‍රකෝප විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා නොකරන ලෙසටත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව මෙම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Court Oder2
Cort Order New


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14