අනියම් සැමියාට දැරියව කෙළෙසන්න අනුබල දුන් මව අත්අඩංගුවට

අනියම් සැමියාට සිය වයස අවුරුදු 07ක බාලවයස්කාර දැරියව අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා කටුගස්තොට පොලිසිය විසින් පසුගිය 17 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මව එම අනියම් සැමියාව මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාවගේ සැමියා මීට වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර, පසුව එම කාන්තාව මුහුණු පොත හරහා විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එලෙස හඳුනාගත් රත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සමඟ ඇය සමීප සම්බන්ධතාවක් පත්වා ඇති අතර, ඔහු නිරන්තරයෙන් ඇය පදිංචිව සිටි නිවසට පැමිණීමට හුරුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අතරතුර දිනක කාන්තාවගේ හත් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට මෙම අනියම් සැමියා පෙළඹ ඇති අතර, ඒ සඳහා දැරියගේ මව ද ඔහුට අනුබල ලබාදී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් දැරිය විසින් ඇයගේ නැන්දාට පවසා ඇති අතර, නැන්දා විසින් දැරියගේ මිත්තණියට ද මේ බව පවසා පොලිසියය පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.

එම පැමිණිල්ලට අදාළව සැකකාර මව සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔවුන් මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කළ බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48