අනියම් සම්බන්ධතාවයක් කළ හදියක් – ආගම මාරුකරන්නත් විවාහක පෙම්වතාට බලපෑම්

අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් උපන් දරුවා භාරගෙන තමාව විවාහ කර ගැනීම සදහා ඉස්ලාම් ආගම වැළඳගන්නා ලෙස කාන්තාවක් විසින් පුද්ගලයෙකුට බලපෑම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා.

එළුවන්කුලම, රාල්මඩුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ඉස්ලාම් ජාතික කාන්තාවක් විසින් එම ප්‍රදේශයේම පදිංචිව සිටි සිංහල පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

37 හැවිරිදි එම පුද්ගලයා සමඟ පැවති මෙම අනියම් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස ගැබ්ගෙන ඇති එම කාන්තාව ඉකුත් මස 19 වනදා පුත්තලම මූලික රෝහලේ දී ගැහැණු දරුවෙකු ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා විසින් දරුවා සහ කාන්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එහිදී කාන්තාව මේ බව පවසමින් වනාතවිල්ලුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි බව සඳහන්.

අනතුරුව පොලීසිය විසින් මෙම පුද්ගලයාව කැඳවා පැමිණිල්ල විභාග කිරීම අරඹා ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ දරුවා පමණක් භාර ගැනීමට තමන් කැමති බවයි.

තමාට ඉස්ලාම් ආගම වැළඳගෙන දැරිවියගේ මව හා විවාහ වන ලෙසට ඇය සහ ඥාතීන් විසින් බලපෑම් කරන බව ද එහිදී ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් විවිධ කරුණු දැක්වීම හේතුවෙන් සිද්ධිය සමථයකට පත්කි රීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි වනාතවිල්ලුව පොලීසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ බිරිඳ මේ වන විට විදේශ ගතව සිටින අතර ඔවුන්ට අවුරුදු 17ක පිරිමි දරුවෙකු සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
14
+1
4
+1
2
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25