අනියම් බිරිඳව පොළොවේ ගසා ඝාතනය කළ රම්බෝට මරණ දඬුවම

තම අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොළොවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි පුද්ගලයෙකු වරදකරු කරමින් කළුතර මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබෙනවා.

පයාගල, හල්කඳවිල, සිංහගම ප්‍රදේශයේ පදිංචි වර්ණසූරිය නෙවිල් ප්‍රනාන්දු නොහොත් “රම්බෝ” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකුටයි මෙලෙස මරණ දඩුවම නියම කර ඇත්තේ.

සිංහගම ප්‍රදේශයේ පදිංචිව කාන්තාවක් නැමැත්තිය 2015 වසරේ පෙබරවාරි මස 15 වනදා හෝ ඊට ආසන්න දිනකදී අතින් පයින් සහ කොස්සකින් පහරදී, ඔසවා පොළොවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

මරණකාරිය සමග පවුල් ජීවිතයක් ගතකර ඇති විත්තිකරු ඇය පිළිබඳ සැකයක් මත ඇතිවූ ආරවුලකින් පසු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසුවයි නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත්තේ.

වසර 8කට ආසන්න කාලයක් පුරා පැවති නඩු විභාගයකින් පසුව අද තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

  1. THAMUNE HEMA ASAWAK MA ITU KARA GANNA KEMATHTHEN HO AKAMATHTHEN IDA DEEPU KIANA KARANA HEMA DEKATAMA SAHAOGAYA DEEPU THAMUNWA WISHWASA KARALA OKKOMA EPA KIYALA DLA APU KENEKU THAMUN WENUWEN KEMA BEEMA HADALA, NDUM PELANDUM SODALA, GEDARA DORA PIRISIDU KARALA, HARI HAMBA KALA DEYA WISHWASAYEN AA PIRIMASMEN ARAKSHA KARALA DEEPU ANIYAM UNATH THAMUNGE DUKA SEPA BEDAGATH GEHENIYA MEHEMA AMANUSHIKA LESA WADHA DEELA MARA DANNE KOHOMA DHA? YAKO API PARTTIME GENIYANA PERANI HITHAWATH KELLEKUTA GEHENIYAKATA HO MEHEMA KARANNE NAHE. FULL LOVE WAGEMA UN ENNETH UNTA NOND NOKARAYI KIYANA WISHWASEN, EKA 10005 ARAKSHA KARANAWA, UNGE MINISSU NEYO WATH EKI EHEMAYI KIYLA HITHANNE WATH NAHE. UNUTH EHEMAYI MARUWATH ANITH EKA PAWALA DENNE NAHE. UNGE DUKA API AHANAWA, PIHITA WENAWA, APE PRASHNA UN AHANAWA, UPADES DENAWA. MINIHATAWATH EYI THARAM S EPA DENNE NATHIWA ATHI. YAKO GENU KIYANNE PIRIMINTA ANTHUWAMA BARI ATHI SUNDARA PARISSAM KARA GATHA YUTHU WASTHUWAK.