අන්තරේ සිසුන් 16 කට ඇප

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් 16 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

වසන්ත මුදලිගේ ඇතුළු තුන් දෙනෙකුට රැඳවුම් නියෝග ලබා දී තිබෙනවා.ඊයේ 18 සවස පැවති විරෝධතාව අතරතුර අයුතු ජන රාශියක සාමාජිකයන් වීම හේතුවෙන් ස්වාමීන් වහන්සේලා 4 දෙනෙකු ඇතුලුව 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ කුරුඳුවත්ත, කොම්පඤ්ඤවීදිය, බොරැල්ල යන පොලිස් ස්ථාන මගින් සහ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.