අන්තර්ජාල ගණිකාවක් වූ දැරියගේ සිද්ධිය ගැන කාන්තාවක් සියලු තොරතුරු වමාරයි

අන්තර්ජාලය හරහා අලෙවි වූ 15 හැවිරිදි දැරියගේ සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඒ අනුව ඇයව මාස ගණනක් තිස්සේ විවිධ පුද්ගලයින්ට ලිංගික කටයුතු සඳහා විකුණා ඇති බව හෙළි වී තිබෙනවා.

එමෙන්ම පොලිස් විමර්ශනවලින් වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ දිනපතාව ඇය මෙම ලිංගික සේවා සපයා ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය නොවූ කාන්තාවක් පිළිබඳව ද තතු හෙළිකර ගැනීමට කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය සමත් වූ බව වාර්තා වෙනවා.

ඒ අනුව ඊයේ (16) දින ඇයව අත්අඩංගුවට ගත් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම තැනැත්තිය ජබුරලිය මඩපාත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් බව පැවසෙනවා.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඇණවුම් කළ පසු දැරිය එම පුද්ගලයින් වෙත රැගෙන යාම සිදු කර ඇත්තේ මෙම කාන්තාව විසින් බවටයි.

පොලීසිය හමුවේ තොරතුරු වමාරයි

අත්අඩංගුවට පත් එම 26 හැවිරිදි කාන්තාවගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීමට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

එම ප්‍රශ්ණ කිරීම් හමුවේ මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු රැසක් ඇය විසින් අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්, දැරිය මිලට ගත් විවිධ පුද්ගලයින් පිළිබඳව ඇය විසින් තොරතුරු හෙළි කර ඇති බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ එම තොරතුරු සම්බන්ධයෙන් ද විමර්ශන මෙහෙයවමින් පවතින බවයි.

මේවන විට අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද වාර්තා වූවා.

මොකක්ද මේ සිදුවීම

අන්තර්ජාලය හරහා 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මුදලට අලෙවි කළ මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු පොලීසිය අත්අඩංගුවට ගත්තේ පසුගිය 07 වැනි දා යි.

ඔහු 35 හැවිරිදි සිව් දරු පියෙකු බව පැවසෙනවා.

පරීක්ෂණ ඔස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති ආකාරය පොලීසිය විසින් අනාවරණය කර ගැනීමට සමත් වූවා.

දැරියට ලක්ෂ ගණනක මිලක්

අදාළ දැරිය ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ රඳවාගෙන මෙම ජාවාරම සිදුකර ඇති අතර එම නිවෙස සඳහා සැකකරු ගෙවා ඇති කුලී මුදල රුපියල් 65,000ක්.

එම නිවස තුළ දැරිය රඳවා ඇයගේ ඡායාරූප අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කරමින් සහ සමාජ ජාල ඔස්සේ දැරිය පිළිබඳ දැන්වීම් පළ කරමින් ඇයව මුදලට විකුණා ඇති බව යි පැවසෙන්නේ.

ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන් වෙත දැරිය අළෙවි කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් අය කිරීමට අදාළ පුද්ගලයා ක්‍රියා කර ඇති බව සඳහන්.

විනාඩියකට 1000යි

මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබෙන්නේ මෙම වසරේ (2021) ජනවාරි මාසයේ සිටම මොහු විසින් මෙම ජාවාරම සිදුකර තිබෙන බවයි.

එමෙන්ම දැරිය වෙනුවෙන් අන්තර්ජාලයේ වෙබ් පිටුවක් සකසා ඇති මොහු එය හරහා දැරිය ප්‍රසිද්ධ කර තිබෙනවා.

දැරිය නිරුවත් කොට අදාළ වෙබ් පිටුව හරහා ඇයගේ සජීවී දර්ශන වීඩියෝ ඇමතුම් මගින් පෙන්වීමේ ව්‍යාපාරයක් ද මොහු විසින් සිදු කරගෙන ගොස් ඇති අතර එම වීඩියෝ දර්ශන සඳහා විනාඩියකට රුපියල් 1000 බැගින්, විනාඩි 10කට රුපියල් දසදහසක් ලෙස මුදල් අය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරියගේ මවත් ලක්ෂ 21කට විකිණිලා

මේ අතර වැඩිදුර විමර්ශනවලින් තවදුරටත් හෙළිදරව් වී ඇත්තේ, මෙම නීතිවිරෝධී ව්‍යාපාර සඳහා යොදවාගත් දැරියගේ මව ද මෙලෙසින්ම ලිංගික ජාවාරම් සඳහා යොදා ගැනීමට සැකකරු මීට පෙර ක්‍රියා කර ඇති බවයි.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියගේ මව මේවන විට 31 හැවිරිදි වියේ පසුවන රූමත් කාන්තාවක් බවත්, සැකකරු විසින් එක් අවස්ථාවක දී ඇයව රුපියල් ලක්ෂ 21කට ධනපතියෙකු වෙත අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ ආකාරයෙන් අවස්ථා රැසකදී රුපියල් ලක්ෂ ගණනකට විවිධ පුද්ගලයින් වෙත ඇයව ද අළෙවි කොට ඇති බවයි මේවන විට හෙළි වී ඇත්තේ.

මවත් සම්බන්ධයි

මේ අතර මෙම තැනැත්තා වෙත දැරිය භාර දී ඇත්තේ ද ඇයගේ මව බව ද මේවන විට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව දැරිය විවිධ පුද්ගලයින් වෙත විකිණීමේ ජාවාරමට ඇය ද සම්බන්ධ බවට පොලීසිය සැක කරනවා.

ඒ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් මේවන විට ආරම්භ වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

දැරියගේ පහස ලැබූවන්ටත් වැඩ වරදියි

එමෙන්ම දැරියගේ දර්ශන මුදල් ගෙවා නැරඹූ පුද්ගලයින් සහ මුදල් ගෙවා දැරිය මිලට ගත් පුද්ගලයින් ද සොයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනය කරමින් සිටිනවා.

දැරිය මේ වනවිට ඇතුළත් කර සිටින්නේ කළුබෝවිල රෝහලට යි.

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42