spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනතුරකට ලක් වූ මුතුගල සර්ගේ තත්ත්වය යහපත් අතට

මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල පිවිසුම අසල දී සුඛෝපභෝගී මෝටර් රථයක් බවුසර් රථයක ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගලගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

අනතුරෙන් තැළුම් තුවාල සහිතව රෝහල් ගතකළ ඔහු මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බවයි වාර්තා වුණේ.

අද (21) අලුයම සිදු වූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.

මෝටර් රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ගමන් ගත් බවුසර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?