අධිවේගී මාර්ගයේ අනතුරකින් 15 දෙනෙක් රෝහලේ (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23.1 කළුතර උතුර, පැල්පොල ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ කන්ටේනරයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (26) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මගීන් 38 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු වූ අවස්ථාවේ දී බස් රථයේ සිටි මගී කාන්තාවක් කුපිත වී කන්ටේනර් රථ රියදුරාට පහරදීමත් සමඟ සෙසු මගීන්ද ඔහුට පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42