අධිවේගී මාර්ගයේ අනතුරකින් 15 දෙනෙක් රෝහලේ (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23.1 කළුතර උතුර, පැල්පොල ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ කන්ටේනරයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (26) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මගීන් 38 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු වූ අවස්ථාවේ දී බස් රථයේ සිටි මගී කාන්තාවක් කුපිත වී කන්ටේනර් රථ රියදුරාට පහරදීමත් සමඟ සෙසු මගීන්ද ඔහුට පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?