අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතිය

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ මහතා යළි පත්කිරීමට සහ ඊ.ඒ.ජී.ආර්.අමරසේකර මහතා අලුතින් පත් කිරීමට ද ජනාධිපතිවරයා කර තිබූ නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

එහිදීයි මෙම අනුමැතිය පළවී ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති කොමිෂන් සභාවල සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවමින් අදාළ දැන්වීම නැවත වරක් මෙම සති අන්ත පුවත්පත්වල පළ කිරීමටත් ඒ අනුව ඒ පිළිබදව පුළුල් ප්‍රචාරයක් ලබා දීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවදුරටත් තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය 2023 පෙබරවාරි 15 වැනිදා ලෙස පෙර තීරණය කළ පරිදිම නොවෙනස්ව පවතින අතර, අදාළ අයදුම්පත්‍රයේ ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ යි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියාසිටියේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු කබීර් හෂීම් සහ ගරු සාගර කාරියවසම් යන මහත්වරු නොවැලැක්විය හැකි හේතූන් මත මෙම රැස්වීමට සහභාගී නොවන බව දන්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23