අධිකරණ නියමයෙන් වෙඩුක්කුනාරි කන්දේ දේව පිළිමයක් තැන්පත් කෙරේ (ඡායාරූප)

වවුනියාව, නෙඩුන්කේනි, වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල පුරාවිද්‍යා කන්දේ නව ශිව පිළිමයක් තැන්පත් කිරීම හින්දු චාරිත්‍රයන්ට අනුව සිදු කර තිබෙනවා.

වෙඩුක්කුනාරි කන්දේ ස්ථාපිත කොට තිබු ශිව දේව පිළිමය කිසියම් පිරිසක් කඩා ඉවත් කිරීමෙන් පසුව එහි පූජකවරුන් වව්නියාව අධිකරණයේ ගොනු කර තිබූ නඩුවක් විභාග කිරීමේදීයි ඉවත් කළ ශිව දේව පිළිමය වෙනුවට නව පිළිමයක් තැන්පත් කෙරුණේ.

‍අධිකරණ නියෝග මත ශිව පිළිමය හා අනෙකුත් පිළිම තැන්පත් කිරීමේ අවස්ථාවට හින්දු සංගම් නියෝජිතයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියා.

පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව, පොලිසිය හා අනෙකුත් ආයතන සඳහන් කර තිබුණේ වෙඩුක්කුනාරි කන්ද පුරාවිද්‍යත්මක ස්ථානයක් වන බැවින් අදාළ ස්ථානයේ නව ඉදිකිරීම් හෝ වෙනස්කම් සිදුකිරීමට අවසර ලබාදිය නොහැකි බවයි.

ඊට විරුද්ධව ප්‍රදේශවාසීන් හා කෝවිලේ පාලක සභාව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අතර, නඩු විභාගය පැවැත්වුණේ පසුගිය 27 වනදායි.

වෙඩුක්කුනාරි කන්දේ මීට පෙර ශිව ලිංගයක් පැවති ස්ථානයේ ශිව පිළිමයක් තැන්පත් කිරීමට අවසර ලබාදෙන අතර, අලුතින් කිසිදු ඉදිකිරීමක් ස්ථාපිත නොකරන ලෙසට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල කන්ද අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් ඝංඝාවාසයක් පවතින ස්ථානයක් වන බවත්, ඒ සම්බන්ධයෙන් වන ශිලා ලේඛන රාශියක් පවතින බවත් පුරාවිද්‍ය නිලධාරීන් පෙන්වා දෙනවා.

කෙස්වෙතත් නෙඩුන්කේනි ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ කන්ද හින්දු ජනතාවගේ ශිව කෝවිලක් පවතින ස්ථානයක් වන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12