අධිකරණය කොන්දේසි සහිත තහනම් ආඥාව විසුරුවා දමයි

විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතාට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම වළක්වාලමින් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතාට එරෙහිව නිකුත් කර තිබූ කොන්දේසි සහිත තහනම් ආඥාව විසුරුවා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වග උත්තරකාර ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශවලින් තමන්ට අපහාසයක් සිදු වී ඇති බවත් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව එවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් මීට පෙර ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා වෙත කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත් කළා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අද (15) දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අදාළ කොන්දේසි සහිත තහනම් ආඥාව විසුරුවා හරින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56