spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරට නීතිය තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිශ්චිත වශයෙන් නිර්වචනය කර නො තිබීම හේතුවෙන් එවැනි නඩු විභාග කිරීමට හා තීරණය කිරීමට, පැහැදිලි සහ ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය කරන්නේ නැහැ.

මෙම නව නීතිය හඳුන්වාදීම තුළින් අධිකරණයට අපහාස කිරීම යන වරද නිර්වචනය කිරීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත් වීමේ සීමාවන් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ වන සීමාවන් කොතෙක් ද යන්න කෙටුම්පත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?