අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්තට අභියාචනාධිකරණය විසින් අද මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

එම සිර දඬුවම අජිත් ප්‍රසන්න දැනට ගෙවමින් සිටින වසර හතරක සිර දඬුවම් කාලය අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවයි තීන්දුවේ සඳහන් වූයේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

වගඋත්තරකාර අජිත් ප්‍රසන්න මින්මතුවට අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

මෙම සිර දඬුවම් වලින් නිදහස් වී ගිය දිනයක අධිකරණය විවේචනය වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකළ යුතු බවටත් මෙහිදී විනිසුරුවරයා විසින් වගඋත්තරකාර අජිත් ප්‍රසන්නට තරයේ අවවාද කර තිබෙනවා.

2019 වසරේ දෙසැම්බර් මස 6 වනදා සහ 8 වනදා යූටියුබ් නාලිකා ඔස්සේ මහේස්ත්‍රාත්වරු කිහිපදෙනකුගේ තීරණ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් වගඋත්තරකාර අජිත් ප්‍රසන්නට එරෙහිව චෝදනා දෙකක් යටතේ චෝදනා පත්‍ර ගොනු කර තිබුණා.

එම චෝදනාවලට වරද පිළි ගනිමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන් අජිත් ප්‍රසන්න තමන් මින් මතුවට අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබුණා.

දිවුරුම් ප්‍රකාශයක් තුළින් ලබාදී තිබු එම ප්‍රතිඥාව සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල කර තිබූ චෝදනා දෙකකට සැකකරු වරදකරු කරන බව තීරණය කළා.

ඒ අනුව එක් එක් චෝදනාවට මාස 6 බැගින් මාස 12ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම සිර දඬුවම මාස 6කින් ගෙවී යා යුතු බවට නියෝග කර සිටියා.

අජිත් ප්‍රසන්න දැනට විඳිමින් සිටින වසර හතරක සිර දඬුවම අවසන් වීමෙන් පසුව මෙම මාස හයක සිර දඬුවම ක්‍රියාත්මක වීම ආරම්භ වන බවත් තීන්දුවේ සඳහන් වුණා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරනු අජිත් ප්‍රසන්නට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිර දඬුවම් නියම කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27