අද සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය කැඳවා වසර දෙක හමාරක් ගතවූ පසු එය විසුරුවාහැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනවා.

09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පැවැත්වුණේ 2020 වසරේ අගෝස්තු 20 වනදායි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් පසු පාර්ලිමේන්තුවේ කාල සීමාව වසර දෙක හමාර ඉක්මවා යන අතර පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනවා .

මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09:30 ට රැස්වෙනවා. අද සිට සිකුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 09:30 සිට පස්වරු 05: 30 දක්වා පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු පැවැත්වීමට නියමිතව තිබෙනවා.