අද සිට තද වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද දින සිට අපේක්ෂා කෙරේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැදපළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted