අද සවස ට මි.මී 100 ඉක්මවු තද වැසි

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය, ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.