අද ලබාදුන්නේ පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව ද ? ඇත්ත කතාව මෙන්න

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු පිරිසකට නියෝග කරමින් අද දිනයේ තීන්දුවක් ලබාදෙනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට අදාළව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයකට අදාළ නඩුවක තීන්දුවක් බව නීතිඥවරුන් පවසනවා.

එසේ නොමැතිව අද දිනයේ ප්‍රකාශයට පත් කෙරුණේ පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා හෝටල් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් පෙත්සම් 13ක් ඉදිරිපත් කර තිබු අතර එම අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද දහවල් ප‍්‍රකාශයට පත් කෙරුණා.

එය පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුවක් නොවන අතර එය 2019 වසරේ අප්‍රේල් මස සිදුවූ ප්‍රහාරයෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ තීන්දුව බවයි නීතිඥවරුන් පෙන්වා දෙන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කෙරුණේ මෙම ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීමෙන් පැවති රජයක හිටපු ප්‍රධානීන් කිහිප දෙනෙකු මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටයි.

ඒ අනුව වින්දිතයින්ට වන්දි ගෙවන ලෙසටයි නියෝග කර ඇත්තේ.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටයි නියෝග කර ඇත්තේ.

ඊට අමතරව රජය විසින් රුපියල් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන් වනවා.

මෙම මුදල් පෞද්ගලික මුදල් විය යුතු අතර අදාළ මුදල් ලබාගත් ආකාරය ද අධිකරණයට දැනුම්දිය යුතුයි. මෙම මුදල් අරමුදලක් වශයෙන් සකස් කර මාස 6ක් ඇතුලත අධිකරණයට දැනුම්දිය යුතු බවට ද චූදිතයන්ට දැනුම්දී තිබෙනවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් අනතුරුව ලබාදුන් තීන්දුවේ විශේෂත්වයක් වන්නේ මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනා ගොනු කිරීමට ද නොහැකි වීමයි.

එමෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. එය සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයක් බව සඳහන්.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56