අද ලග්න 6කට සුබයි අනෙකුත් ලග්න හිමියන් දැඩි වියවුල් තත්වයක

මේෂ
ශුභදායක දිනයකි. ආදායම් ලැබීම අතින් යම් සාර්ථකත්වයක් ලබයි. ඥාති මිත්‍රාදීන් අතර ජනප්‍රියත්වයට පත් වේ. සතුරු කරදරවලින් නිදහස් විය හැක. විදෙස් රැකියාවන්ට යොමුවීමට කටයුතු ආරම්භයට ශුභයි.

වෘෂභ

ආර්ථික තත්ත්වය යහපත්ය. අධ්‍යාපන ලබන අයට ජයග්‍රහණ හිමිකර ගත හැක. රැකියා කටයුතුවල දී අන් අයගේ සහයෝගය ලැබේ. විදේශයන්ගේ සිටින අයගෙන් උදව් උපකාර හිමිවීම් පෙන්වයි. වෙහෙස මහන්සි වී වැඩ කරයි.

මිථුන
නඩුහබවලට පැටලී ඇත්නම් ප්‍රති පාර්ශ්වයන්ගේ තර්ජන එල්ල වේ. මුදල් සම්බන්ධ අගහිඟකම් ඇති වේ. කුඩා දරුවන්ගෙන් කරදර ඇති වේ. අනුන්ගේ තැන්වල වාසය කිරීමට හේතු යෙදේ.

කටක
වියදම් පක්ෂය ඉහළ යයි. අන්‍යයන් වෙනුවෙන් කාලය කැප කිරීමට සිදු වේ. ගෙදරදොර මත ගැටුම්වලට ඉඩ පවතී. දරුවන්ගේ කටයුතු හේතුවෙන් කනස්සල්ලට පත්විය හැක. රැකියා කටයුතුවලට සතුරු කරදර ‍එල්ල විය හැක.

සිංහ
බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වීමෙන් කනස්සල්ල ඇති වේ. රැකියා කටයුතුවල දී වෙනදාට වඩා කාර්ය බහුලත්වයක් ඇති කරයි. විවාහ යෝජනා ප්‍රමාද වීමේ අවකාශ ඇති කරයි.

කන්‍යා
හදිසි ධන ලාභ ඇති කරයි. පවුල් ජීවිතය තුළ සතුට සමගිය වර්ධනය වේ. ඥාති මිත්‍රාදීන් සමග වැඩි ආශ්‍රයක් ඇති වේ. විදෙස් රැකියාවන්ට යාමට අපේක්ෂා කරන අයට ඒ සඳහා අවස්ථා උදා වේ.

තුලා
වියදමට සරිලන ආදායම් ලැබේ. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා කැඳවීම් ලැබිය හැක. ඥාති මිත්‍රාදීන් සමග විරස කතා ඇතිවීමේ ඉඩ පවතී. අධ්‍යාපන කටයුතුවලට වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. සෞඛ්‍යය යහපත් නොවේ.

වෘශ්චික
මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරයි. මුදල් ආ‌යෝජන කටයුතුවලට එතරම් ශුභදායක දිනයක් නොවේ. මංගල යෝජනාවලට වැඩිහිටියන්ගේ විරෝධතා එල්ල වේ. අධ්‍යාපන කටයුතුවල පසුබෑමක් ඇති වේ.

ධනු
වියදම් පක්ෂය පාලනය කරගත යුතුයි. ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදුවිය හැක. තමා ළඟ සිටින අයගේ කටයුතු හේතුවෙන් කරදරවලට මුහුණ පෑමට සිදු වේ. ගෘහ ජීවිතයේ මත ගැටුම්වලට ඉඩ පවතී.

මකර
මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. විවාහ අපේක්ෂාවන්ට එතරම් යහපත් නොවේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. සෞඛ්‍යය යහපත්.

කුම්භ
වියදම් ඉහළ යයි. නොසිතූ අවස්ථාවන්ට මුහුණ පෑමට සිදු වේ. දරුවන් සම්බන්ධයෙන් වෙහෙස වීමට සිදු වේ. යහළු මිත්‍රාදීන් සමග සබඳතා වැඩි වේ. රැකියා ස්ථානයේ කාර්ය බහුලත්වයක් ඇති කරයි.

මීන
ආදායම් ලැබීම අතින් ශුභයි. නව ආදායම් මාර්ග විවර වේ. රැකියා ස්ථානයේ ප්‍රසාදය ඇති වේ. විදෙස් රැකියාවන්ට ඉල්ලුම් කිරීමට ශුභයි. තරග විභාගවලින් ජයග්‍රහණ හිමි වේ. ගෘහ ජීවිතයේ නැවුම් බවක් ඇති කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39