අද රාත්‍රී කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සිදුවන දෙයක් ගැන දැනුම් දීමක්

අද රාත්‍රී කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. හෙට දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන සජිත්ගෙන් ප්‍රශ්න කෝටියක්
18:02
Video thumbnail
හොරෙන් හොරෙන් ලයිට් ක#නවා - අනුර කුමාර මේකට වගකියන්න ඕනේ
06:52
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ සත්‍යග්‍රහයේ නවතම තත්ත්වය
00:56