අද රාත්‍රී කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සිදුවන දෙයක් ගැන දැනුම් දීමක්

අද රාත්‍රී කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. හෙට දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ගල් අඟුරු කොමිසමට එයි
02:12
Video thumbnail
නාමල්, ගොවීන්ට පොරොන්දුවක් දෙයි
04:25
Video thumbnail
අනතුරුවලට සෘජුවම බලපාන නඩුවලට ආයේ දඩ කොල නෑ - තුන්වරක් වැරදි වුණොත් රියදුරු බලපත්‍රය අවලංගුයි ?
06:48
Video thumbnail
කඩුවෙල නගරාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක් මහ පාරට කඩා වැටෙයි
02:13
Video thumbnail
ගොවියා රජා නෙමෙයි - ලාල් කාන්ත සැරටම කියයි
08:29
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට පොලිසියෙන් දුන්න සව් දන්සැල - විශාල පිරිසක් දන්සැල වෙත පැමිණෙයි
01:58
Video thumbnail
නැතිවුණු ඩොලර් මිලියන 2.5 නැවත ජනතාවගේ අය කරගන්නවා..?
10:34
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09