අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

සබරගමුව පළාතේත් කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමකම් කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18