spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

සබරගමුව පළාතේත් කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමකම් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?