spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකියි.

අනුරාධපුර, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ද වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාව පවතිනවා.

බස්නාහිර සහ බරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්වලත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
4
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?