අද දිනය ලග්න 5ක හිමියන්ට තීරණාත්මකයි වඩාත් සැලකිල්ලෙන සිටිය යුතු දිනයක්

මුදල් හානි

මේෂ

මිල මුදල් හානි හෝ අධික වියදම් යෙදෙන දිනයකි. ඥාති මිත්‍රාදීන් සමග මත ගැටුම් හට ගනී. කරගෙන යන කටයුතු ප්‍රමාද වීමෙන් පාඩු සිදු වේ. වතුරෙන් පීඩා ගෙනේ. හදිසි කෝපය පාලනය කර ගන්න.

වෘෂභ

ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. ස්ත්‍රී පක්ෂය සමග මතවාද ඇතිකර ගනී. රැකියා කටයුතුවල ප්‍රබෝධමත්ව නිරත වේ. මිත්‍ර ආශ්‍රය වැඩි වේ. මුදල් සෙවීමේ අලුත් මාර්ග සම්බන්ධයෙන් කල්පනා කරයි.

මිථුන

වියදම් පක්ෂය ඉහළ යයි. ගෞරවයට හානි පැමිණේ. රැකියා ස්ථානයේ පීඩාකාරී වාතාවරණයක් හට ගනී. ව්‍යාපාර කටයුතුවල නිරත නම් පාඩු සිදු වේ. ප්‍රේම සම්බන්ධතාවලට විරෝධතා මතු කරයි.

කටක

වාසනාවන්ත දිනයකි. මුදල් ලාභ හිමියි. කරන කියන සෑම දෙයක් පාහේම සාර්ථකත්වයට පත් වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. විවාහ යෝජනා ස්ථිරත්වයට පත් වේ.

සිංහ

වියදම් පක්ෂය පාලනය කර ගන්න. කරන කියන කටයුතුවල අවුල් වියවුල් ඇති වේ. හදිසි තීරණ ගැනීමෙන් පඩු සිදු වේ. වටිනා කියන බඩු භාණ්ඩ අස්ථානගත විය හැක. කේලාම් ඕපාදූපවලට හසු වේ.

කන්‍යා

සැප පහසුව ඇති වේ. නව ආදායම් මාර්ග සොයා ගනී. නවීන තාක්ෂණ උපකරණ කෙරේ අවධානය යොමු කරයි. වෙනදාට වඩා ප්‍රණීත ආහාරපාන ලැබේ. භාවනා කටයුතුවල යෙදේ.

තුලා

ගොවිතැන් ලාභ

මුදල් ලාභ හිමියි. ලොතරැයි දිනුම් උරගා බැලීමට සුදුසු දිනයකි. ගොවිතැන් කටයුතුවලින් ලාභ උපයයි. තරුණියන් සම්බන්ධ වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් හිමි වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ.

වෘශ්චික

මුදල් අගහිඟතා

මුදල් සම්බන්ධ අගහිඟතා ඇති වේ. නඩුහබවල පැටලී ඇත්නම් විරුද්ධ පාර්ශ්වයේ තර්ජන එල්ල වේ. නැතහොත් පවුලේ වැඩිහිටි අයකුගෙන් හෝ විරුද්ධවාදිකම් ඇති වේ

ධනු

නිෂ්ඵල ගමන් යෙදේ. ඒ හේතුවෙන් වියදම් පක්ෂය ඉහළ යයි. කරගෙන යන කටයුතුවල අවුල් වියවුල් තත්ත්වයක් ඇති වේ. රැකීරක්ෂා කටයුතුවල යෙදීමේ දී උදාසීන ගති මතු කරයි. සිතට සැකයක් පහල වේ.

මකර

ශරීර සෞඛ්‍යය යහපත්

ආදායම් තත්ත්වය ශුභදායකයි. සැප පහසුව ඇති වේ. විනෝදජනක අවස්ථාවන්ට සහභාගි වේ. ස්ත්‍රීන් සමග ඇති සබඳතා වර්ධනය වේ. කරගෙන යන කටයුතුවල දියුණුවක් ඇති වේ. ශරීර සෞඛ්‍යය යහපත්ය.

කුම්භ

අධ්‍යාපනයෙන් ජය

ජයග්‍රහණ අත්පත් වේ. සුළු සුළු වස්තු ලාභ හිමියි. සිතේ ඇති අදහස් ඉටුකර ගැනීමට මග පෑදේ. මහන්සි වී වැඩකටයුතු කිරීමට සිදු වේ. ප්‍රණීත ආහාරපාන ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගනී.

මීන

විවාහ යෝජනා ස්ථිර වේ

අධික ලෙස මුදල් වියදම් වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාවලින් පාඩු සිදු වේ. කරගෙන යන කටයුතුවලට අවහිරතා ඇති කරයි. විවාහ යෝජනා ස්ථිර වීම කල් යයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42