අද දිනයේදී පළාත් 05කට වැසි

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල අද (12) දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්වනවා.

ඊට අමතරව උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද අද පස්වරු 01.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන සඳහා මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් එම නිවේදනයෙන් පැවසෙනවා.