spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේත් පැය 03ක විදුලි කප්පාදුවක්

මේ වනවිට ක්‍රියාත්මක පැය 03 විදුලි කප්පාදුව අද (01) සහ හෙට (02) යන දෙදින තුළදී ද ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ, අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

දහවල් 1.00 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි විදුලි බල මණ්ඩලය දැනුම් දෙන්නේ.

එමෙන්ම M,N,O,X,Y,Z කලාප සඳහා උදෑසන 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර CC කලාප සඳහා උදෑසන 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 02 මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් අද (01) දිනයේ දී සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?