අද දවස ලග්න හිමියන් 4කට සුබ දවසක් වුවත් ප්‍රවේශම් වියයුතු කරුණු රාශියක්

මේෂ
මේෂ ලග්න හිමියන්ට අද සුබදායක දිනයකි. ඔබ කාර්යාලයේදී ඔබේ වැඩ කටයුතු හොඳින් සිදු කර ඔබේ ශක්තීන් පෙන්වනු ඇත. එබැවින් ඔබ සතුටු වනු ඇත. අඹුසැමියන් අතර සතුට වැඩි වේ. මූල්‍ය තත්වය යහපත් වන ඇත.

වෘෂභ
අද ඔබට තරමක් සමබර දවසක්. ඔබේ කාර්යයන් කිරීමේදී හොඳින් සැලසුම් කිරීම වැදගත් වේ. මූල්‍ය තත්වය තරමක් අඩු වේ. එබැවින් ගමන් බිමන් යාමේදී මුදල් පරිස්සමෙන් පරිහරණය කරන්න.

මිථුන
අද ඔබට ඉවසීමෙන් කටයුතු කරන්න සිදු වෙනවා. නමුත් වැදගත් තීරණ ගැනීමට සුබ දිනයකි. වෙහෙස මහන්සි වී වැඩ කළත්, එය වටින්නේ නැතැයි ඔබට හැඟේ. එබැවින් ඔබ කලබල නොවී කටයුතු කළ යුතුයි. මුදල් ගලා ඒම මධ්‍යස්ථ වුවද, වියදම් ද ඒ හා සමාන වේ.

කටක
අද ඔබට සාර්ථක දවසක්. ඔබගේ කාර්යයන් තනිවම නියමිත වේලාවට නිම කිරීමෙන් ඔබ සාර්ථක වනු ඇත. ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර සමගිය වැඩි වන අතර ඔබ සතුටින් සිටිනු ඇත. මූල්‍ය තත්ත්වය යහපත් වනු ඇත.

සිංහ
සිංහ ලග්න හිමියන්ට අද දවස ආතතිය වැඩි විය හැකි දිනයකි. එබැවින් ආධ්‍යාත්මිකව දවස ආරම්භ කර මනස සැහැල්ලු කරගන්න. ඔබගේ කාර්යයන් වෙනදාට වඩා වැඩි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ඔබේ බිරිඳ සමඟ කතා කරන විට, වචන පටලවා නොගැනීමට වගබලා ගත යුතුයි. ඔබගේ මූල්‍ය තත්වය ස්ථාවර බැවින් අනවශ්‍ය වියදම් අඩු කරන්න.

කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ට අද ඉතා යහපත් දිනයකි. වැදගත් තීරණ ගැනීමට යහපත් දිනයකි. රැකියාවේදී ඔබගේ කටයුතු හොඳින් සිදුකිරීමෙන් උසස් අයගේ ඇගයීමට ලක්වේ. අඹුසැමියන් අතර සමගිය වැඩි වේ.මූල්‍ය තත්ත්වය යහපත් වේ.

තුලා
තුලා ලග්න හිමියන්ට අද දවස ඔබ බලාපොරොත්තු වූ දේ නොවිය හැක. ඔෆිස් එකේ වැඩ වැඩි වෙන නිසා ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව සැලසුම් කරලා ක්‍රියා කරන්න. ඒකත් එක්ක දිනන්න අවස්ථාවක් තියෙනවා. සහකරු /සහකාරිය සමඟ නිෂ්ඵල සාකච්ඡාවලින් වැළකී සිටීම වැදගත්. මූල්‍ය තත්වය මධ්‍යස්ථ වන අතර වියදම් වැඩි වෙයි.

වෘශ්චික
අද ඔබට අභියෝගාත්මක දවසක්. කාර්යාලයේ වැඩ කටයුතු කල්පනාකාරීව නිම කළ යුතුයි. රැකියා ආශ්‍රිත ගමන් බිමන් සඳහා අවස්ථා උදාවේ. මූල්‍ය තත්ත්වය යහපත් නොවනු ඇත. වියදම සහ ආදායම යන දෙකම සමානව සිදු වේ.

ධනු
ධනු ලග්නය ඔබට අද දවස එතරම් හිතකර දවසක් නොවේ. හැමෝම එක්ක ඉවසන්න. කාර්යාලයේ සම සේවකයින්ගේ සහයෝගය නොමැතිකම නිසා ඔබේ වැඩකටයුතු සැලසුම් කිරීම අවශ්‍යයි. ඒ නිසා පරිස්සම් වෙන්න. මූල්‍ය තත්ත්වය තරමක් සමබර වනු ඇත.

මකර
අද දිනය මකර ලග්න හිමියන්ට සුභ දිනයකි. නියමිත වේලාවට වැඩ නිම කර ජය ලබයි. එය ප්‍රීතිමත් මොහොතක් වනු ඇත. අඹුසැමියන් අතර සතුට වැඩි වේ. මූල්‍ය තත්වය යහපත්.

කුම්භ
කුම්භ ලග්න හිමියන්ට අද ඔබට සාපේක්ෂව සමබර දවසක්. එබැවින් නිහඬව කටයුතු කිරීම වඩා හොඳයි. වැඩ වැඩි වීම නිසා විවේකයකින් තොරව වැඩ කිරීමේ වාතාවරණයක් ඇති වේ. ඒ නිසා පරිස්සම් වෙන්න. මූල්‍යමය කටයුතු සීමා සහිත බැවින් මුදල් කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි.

මීන
මීන ලග්න හිමියන්ට අද දිනය අභියෝගාත්මක දිනයකි. කාර්යාලයේ වැඩ කරන විට සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ. අඹුසැමියන් අතර සුහදව කටයුතු කිරීම යහපත්. මූල්‍ය තත්වය මධ්‍යස්ථ වනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26