අද දවසේ ලග්න 6ක හිමියන් දැඩි ප්‍රවේශමෙන්

මේෂ
අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තිෙයේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ. මේ වන විට චන්ද්‍රයා ධනු රාශියේ සැරිසරයි. එම නිසා ඔබ තුල ඇති යහපත්කම ඉස්මතු වීමත් සමග ඔබ ගුණ නුවණින් පිරි සහ ආගම දහමට ලැදියාව ඇති අයෙක් වේ. හිතවතුන් ගෙන් හොඳ හිත දිනා ගනී. ඔවුන්ගෙන් උදව් උපකාරද හිමි වේ. ගත හිත දෙකම ක්‍රියාශීලී වේ. ඇවිදීමට ද ප්‍රිය කරයි. විදෙස් ගමන්, දුර බැහැර ගමන් හෝ ගමෙන් පිටත රැකියාවල වැඩි වාසි අත්වනු ඇත. ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයට තම සිතැඟි ඉටු කර ගැනීමටද මෙය පහසු අවස්ථාවක් වේ. 

වෘෂභ

දුර ගමන්, විනෝද ගමන් වැනි දේට හේතුයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියා කරයි. විනෝද ක‍්‍රියාවන් දියත් කරයි. පේ‍්‍රම සබඳතා රහස් සබඳතා ඇති වෙයි. පොදු සේවා සමාජ සත්කාර ක‍්‍රියා ආදියෙහි යෙදේ. සිරසා ගත රෝග මතු වේ.

මිථුන

ගමන් බිමන් අධික වෙයි. පොදු සේවා කටයුතුවලදී අන් අයගේ සහයෝගය ලැබේ. මහජන ප‍්‍රසාදයට පත්වෙයි. ගේ දොර වැඩ කටයුතු ද සාර්ථකව කරගෙන යෑමේ ශක්තිය මතු වෙයි. අමතර ලාභ ලැබීම්වලට හේතු වෙයි. සෙම් කෝප රෝග මතු වේ.

කටක

ප‍්‍රබෝධමවත්ව දවස ගෙවයි. තම ඥාතීන් සමඟ සම්බන්ධතා යහපත් වෙයි. ආර්ථිකයේ තරමක් යහපත පෙනේ. විනෝදජනක ක‍්‍රියා ගමන් ආදියෙහි යෙදේ. දහමට ලැදිව ක‍්‍රියා කරයි. හදිසි ධන ලාභද ලබයි. ලේ අධික රෝග මතුවීම් ලක්ෂණ ඇති වෙයි.

සිංහ

ශුභා ශුභ මිශ‍්‍රඵල ඇති වේ. සිත් චංචල කරවන ප‍්‍රශ්න යෙදෙන අතර තම ඥාතීන් නිසා මිල මුදල් වැය කිරීමට හේතු කරුණු යෙදේ. කලකිරීම් මත දවස වැඩි කලක් ගෙ වේ. ස්නායු ුගත රෝගවලට හේතුයි.

කන්‍යා

දවස සාමාන්‍ය ලෙසින් ගෙවේ. සුපුරුදු රාජකාරීවලින් නිදහස්ව නව මඟක ගමන් යෙදෙයි. පොදු සේවා, සමාජ සත්කාර ක‍්‍රියා වැනි දේවලට හේතුයි. සිරසා ගත රෝග මතු වේ.

තුලා

ශුභා ශුභ මිශ‍්‍රඵල දෙයි. දවස සාමන්‍ය ලෙසින් ගෙවන අතර පොදු සේවා, සමාජ සත්කාර ක‍්‍රියාවන්හි යෙදේ. සුහදතා වර්ධන කටයුතු ද යෙදේ. දහමට ලැදි වේ. සෙම්කෝප රෝග මතු කරයි.

වෘශ්චික

තරමක් අලස ගති මත දවස ගෙවන දිනකි. ඥාතීන්ගේ අවශ්‍යතා මත ක‍්‍රියා කරයි. කෙටි ගමන් යෙදේ. හුදෙකලා ගති ඉස්මතු කරයි. දහමට යොමුව ක‍්‍රියා කරයි. මුත‍්‍රා ආසාදන මතු වේ.

ධනු

ශුභා ශුභ මිශ‍්‍රඵල දෙයි. දහමට ලැදිව ක‍්‍රියා කරයි. තම ඥාති මිත‍්‍රාදීන්ද දහමට යොමු කරවයි. අලස ගති මතු කරයි. නිවස තුළ වැඩි කලක් ගත කරයි. ආර්ථික පීඩා තරමක් මතු කරයි. ලේ දූෂිත රෝග කැසිලි මතුවෙයි.

මකර

ශුභා ශුභ මිශ‍්‍රඵල උදා කරයි. නිවාස අලංකාර කටයුතුවල යෙදේ. තම ඥාතීන් සමඟ සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. ආගමික පුදපූජා කිරීම වැනි දේවල්හි යෙදේ. පපුවේ අමාරු මතුවෙයි.

කුම්භ

අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය. මේ වන විට චන්ද්‍රයා ධනු රාශියේ සැරිසරයි. එම නිසා ඔබ තුල ඇති යහපත්කම ඉස්මතු වීමත් සමග ඔබ ගුණ නුවණින් පිරි සහ ආගම දහමට ලැදියාව ඇති අයෙක් වේ. හිතවතුන් ගෙන් හොඳ හිත දිනා ගනී. ඔවුන්ගෙන් උදව් උපකාරද හිමි වේ. ගත හිත දෙකම ක්‍රියාශීලී වේ. ඇවිදීමට ද ප්‍රිය කරයි. විදෙස් ගමන්, දුර බැහැර ගමන් හෝ ගමෙන් පිටත රැකියාවල වැඩි වාසි අත්වනු ඇත. ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයට තම සිතැඟි ඉටු කර ගැනීමටද මෙය පහසු අවස්ථාවක් වේ. 

මීන

ශුභා ශුභ ඵල දෙයි. නව නිපැයුම් නිර්මාණ වැනි දේ ඇරඹීමට හොඳයි. හුදෙකලා ගති මතු වෙයි. ආගමික පුද පූජා ගරු කරන අතර තම මිතුරන්ද ඒ සඳහා යොම කරවයි. මූල රෝග උදර රෝග මතු වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01