අද දවසේ කාලගුණය

ඉදිරි පැය කිහිපයේදි උතුර – උතුරු මැද – නැගෙනහිර – මධ්‍යම හා ඌව පළාත්වලත් ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂිතයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදි අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.