spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මි. 40 පමණ දක්වාවන තරමක් තදසුළං ඇතිවිය හැකිය.

මේ අතර උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික් සඳහා එම නිවේදනය බලපැවැත් වේ.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානය“ යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් වැඩබිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?