spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදත් හවස ගිඟුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ

ඊට අමතරව බස්නාහිර සහ දකුණු පළාත්වල අද (01) උදෑසන කාලයේදී ද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?