අදත් තද වැසි – නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක්

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බවත් ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත් වල දැනට පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (14) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ද අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ නිවේදනයේ සඳහන්.

ඒ අතරින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24