spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අතුරුගිරියේ ලී වෙළෙඳසැලේ හිමිකාරිනියගේ ඝාතකයා අල්ලයි

අතුරුගිරිය ප්‍රදේශයේ ලී වෙළෙඳසැලක හිමිකාරියක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි ලී ව්‍යාපාරයක යෙදෙන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියේ දී බරපතළ තුවාල ලබා සිටි වෙළඳසැල් සේවකක් ද රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) මියගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේ දී හඳුනා ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අතුරුගිරිය, ගොඩගම පාරේ පිහිටි ලී වෙළෙඳසැලක හිමිකරිනියක වූ මංගලිකා මහවත්ත නැමැති 62 හැවිරිදි කාන්තාවක් පසුගිය දෙවනදා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
1
+1
4
+1
32
+1
14
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?