අජිත් පී පෙරේරාට ආංශික අධීක්ෂණ කාරක සභාවක සභාපති ධුරයක්

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා තේරී පත්ව තිබෙනවා.

අද (27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේ දී මෙම තෝරා පත් කරගැනීම සිදුවුණා.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළ වී තිබුණා.

ඒ, අනුව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ නම, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ විසින් යෝජනා කර අතර පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන විසින් එය ස්ථිර කළා.

අනතුරුව ලබන ජූනි 05 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත මෙහිදී සලකා බලන ලද අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කිහිපයක නිලධාරීන් ඊට සහභාගී වුණා.

ගමනාගමන කොමිෂන් සභාව දීර්ඝ කාලයක් මුළුල්ලේ මුහුණ දුන් ප්‍රායෝගික ගැටලුවලට විසදුම් සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරමින් මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව නිලධාරීන් මෙහිදී පැවසූ අතර, ඊට කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවිය විය යුතු මූලික වෙනස්කම් පිළිබඳව ද මූලික කරුණු මෙහිදී සාකච්ඡා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55